ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද දිවයින

ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද දිවයිනට

by Staff writer 03-06-2019 | 7:18 AM
COLOMBO (News 1st) : දෙදින නිල සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා අද මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඕස්ට්‍රේලියානු ස්වදේශ අමාත්‍යවරයා සිය සංචාරය තුළදී රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. පීටර් ඩට්න් මහතා අද අප්‍රේල් 21 ප‍්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය නිරීක්ෂණ චාරිකාවකට ද එක්වීමට නියමිත බව මෙරට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ ය. එසේම ඔහු ආරක්ෂක තත්ත්වය සහ මිනිස් ජාවාරම් පිළිබඳව හෙට දිනයේදී කොළඹ පිහිට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය.