ආණ්ඩුවේ මුස්ලිම් අමාත්‍යවරුන් ධූරවලින් ඉවත් වෙති

ආණ්ඩුවේ තනතුරු දරන සියලුම මුස්ලිම් අමාත්‍යවරු ධූරවලින් ඉවත් වෙති

by Staff writer 03-06-2019 | 5:57 PM

COLOMBO (News 1st) - අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූර දරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම තනතුරුවලින් ඉවත් වන බව මීට ටික වේලාවකට පෙර නිවේදනය කර තිබේ.

මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා සඳහන් කළේ, ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වුවද වත්මන් ආණ්ඩුව බලහීන කිරීම සඳහා වූ කිසිදු ක්‍රියාදාමයක් සඳහා යොමු නොවන බවයි. ඉදිරියේදී ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කී හකීම් මහතා ආණ්ඩුව ආරක්ෂා කිරීම සඳහා ද ඉදිරිපත් වන බව වැඩිදුරටත් සඳහන් කළේ ය.