by Staff writer 03-06-2019 | 7:23 AM
COLOMBO (News 1st) : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් හමුවීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළේ ය.
ඔහු පැවසුවේ, පවතින වාතාවරණය තුළ රටේ බොහෝ දෙනෙකු ආර්ථික වශයෙන් අසරණව සිටින බවයි.
රජය මේ පිළිබඳව අවධානය යොමු කර ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටීම සඳහා විපක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයා හමුවන බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.