by Staff writer 03-06-2019 | 7:22 AM
COLOMBO (News 1st) : කළු පැහැති තෙල් තට්ටුවක් ගොඩගැසී තිබූ වැල්ලවත්තේ සිට ගල්කිස්ස දක්වා වෙරළ කලාපය භාවිත කිරීමේ අවදානම පහව ගොස් ඇතැයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ සිය කැමැත්ත මත ජනතාවට අවශ්‍ය නම් එම වෙරල කලාපය භාවිත කිරිමේ හැකියාව පවතින බවයි.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නාරා ආයතනය පියවර ගෙන තිබේ.
එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානි ශාමලී වීරසේකර මහත්මිය පැවසුවේ, ඒ සඳහා කණ්ඩායමක් අද එම ප්‍රදේශය බලා යාමට නියමිත බවයි.