සහරාන්ට අයත් පල්ලි ඉදිකළ අයෙක් අත්අඩංගුවට

සහරාන්ට මූල්‍යාධාර දුන් ඉන්ජිනේරුවෙක් දෙහිවලදී අත්අඩංගුවට

by Staff writer 02-06-2019 | 3:00 PM
COLOMBO (News 1st) : මොහොමඩ් සහරාන්ට අයත් පල්ලි ඉදිකළ ඉංජිනේරුවරයෙකු දෙහිවල, කඩුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි. මෙම ඉංජිනේරුවරයා හොරොව්පතාන ඇල්ලවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙම දේවස්ථාන ඉදිකර තිබේ. සැකකරු වසර 5 ක කාලයක් කැනඩාවේ රැඳී සිට ඇති අතර, වසර 10 ක කාලයක් සෞදි අරාබියේ රැඳී සිට ඇතැයි, විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. කැනඩාවේ පුරවැසිභාවය ද, හිමි මෙම සැකකරු මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකි. සැකකරු විවාහ වීමෙන් පසු දෙහිවල කවුඩාන ප්‍රදේශයට පැමිණ ඇතැයි, අනාවරණ වූ බව, පොලීසිය ප්‍රකාශ කළේ ය. දේවස්ථාන ඉදිකිරීමට මුදල් ද ලබා දී ඇත්තේ, 53 හැවිරිදි අදාළ සැකකරු විසිනි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පැය 72 ක් රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පැවසී ය.