by Staff writer 02-06-2019 | 1:18 PM
COLOMBO (News 1st) - ජපන් යෙන් මිලියන 5 ක් නීති විරෝධිව එරටට රැගෙනයාමට තැත් කළ පුද්ගලයකු රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ, අදාළ යෙන් තොගයේ වටිනාකම රුපියල් 81 ලක්ෂයකට අධික බවයි.
සැකකරු ජපානයේ නරිටා ගුවන් තොටුපොළ බලා පිටත්වයාමට පැමිණි අවස්ථාවේදී රේගු භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් ව ඇත්තේ 38 හැවිරිදි සැකකරුවෙකි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.