මේජර්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි අයෙක් STF අත්අඩංගුවට

by Staff writer 02-06-2019 | 8:41 PM
COLOMBO (News 1st) : යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, මොරටුව ලක්ෂපතිය ප්‍රදේශයේ කළ වැටලීමකදීයි. මේජර් ජෝන් නමින් පෙනී සිට ඇති සැකකරු නිසාර් මොහොමඩ් නමැති මොහු අන්තවාදී මත දරණ අයෙකු බවට සැකකරන බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.