එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වැසියන්ට දැනුම්දීමක්

මෙරට සංචාර කල් දමන්නැයි, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සිය වැසියන්ට දැනුම් දෙයි

by Staff writer 02-06-2019 | 10:12 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය කල් දමන ලෙස එක්සත් ආරාබි එමීර් රාජ්‍යය සිය වැසියන්ට දැනුම් දී තිබේ. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ටිව්ටර් පණිවිඩයක් උපුටා දක්වමින් ගල්ෆ් නිවුස් වෙබ් අඩවිය පෙන්වා දුන්නේ, එරට විදේශ කටයුතු අමාත්‍යංශය ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම උපදෙස් ලබා දී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.