මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නැහැ

මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවට හෙළිවෙයි

by Staff writer 02-06-2019 | 7:55 AM

COLOMBO (News 1st) - මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පිරිස් නීත්‍යානුකූලව විවාහ නොවීමෙන් සමාජීය ගැටළු රැසක් මතු ව ඇති බවයි. ඔවුන්ට කඩිනමින් විවාහ සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා සඳහන් කළේ ය.