රතන හිමියන් තෙවන දිනටත් උපවාසයේ

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් තෙවන දිනටත් උපවාසයේ

by Staff writer 02-06-2019 | 9:52 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඛණ්ඩව තෙවැනි දිනටත් ජීවිත පූජෝපහාර අධිෂ්ඨාන සත්‍යක්‍රියාවේ නිරත වෙමින් සිටි.

ඒ, ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටයි. උන්වහන්සේ පෙරේදා (31) උදෑසන දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම සත්‍යක්‍රියාව ආරම්භ කළේ ය. ආණ්ඩුවේ තනතුරු හොබවන කිහිපදෙනෙකු ඉවත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම උපවාසය නිරතව සිටි.