by Staff writer 02-06-2019 | 2:59 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ලබන 10 වන දා ජනාධිපතිවරයාට භාරදෙන බව එම කමිටුව පවසයි.
එහි සාමාජිකයෙකු සඳහන් කළේ, ප‍්‍රහාරය පිළිබඳ සාක්ෂි විමසීම පසුගිය 31 වනදායින් අවසන් කළ බවයි.
සාක්ෂි විශ්ලේෂණය කරමින් අවසන් වාර්තාව මේ වනවිට සකස් කරමින් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.
එම ත්‍රිපුද්ගල කමිටුවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස හිටපු පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් කටයුතු කරනු ඇති.
මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලය මීට පෙර ජනාධිපතිවරයාට අතුරු වාර්තාක් ද ලබාදුන්නේ ය.
මේ අතර අප්‍රේල් 21 දින සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් 10 ක් පත් කර තිබේ.
එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එක් එක් ප්‍රහාර සම්බන්ධයෙන් වෙනමම කණ්ඩායම් පත්කර ඇති බවයි.
තහනම් කෙරුණු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ බවට සැකපිට පුද්ගලයින් 89 දෙනෙකු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින අතර ඉන් 07 දෙනෙක් කාන්තාවෝ වෙති.
සැකකරුවන් අතුරින් 23 දෙනෙක් දේශන පැවැත්වූ සැකකරුවන් බව ද පොලීසිය සඳහන් කළේ ය.
මීට අමතරව, තවත් සැකකරුවන් 23 දෙනෙක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ පසුවෙති.
ඒ අතුරින් දෙදෙනෙකු කාන්තාවන් ය.