ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 02-06-2019 | 6:22 AM

දේශීය පුවත්

1. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඉන්දීය මාධ්‍යවේදීහු ජනපතිගෙන් ප්‍රශ්න කරති: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව ඉන්දීය මාධ්‍යවේදීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රශ්න කළහ. 2. තනතුරේ සිටිනකම් කිසිම විදේශ හමුදාවක් මෙරටට ගෙන්නන්න ඉඩ තියන්නේ නැහැ – ජනපති: තමන් තනතුරේ සිටින තුරු කිසිදු විදේශ හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 3. ඇප මත සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනෙක් TIDය හමුවේ ප්‍රකාශ දෙති: වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ දැනට ඇප මත සිටින සේවකයින් 8 දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ. 4. අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා – පකිස්ථාන ගුවන් ගමන් යළි ආරම්භ කෙරේ: මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ඊයේ යළි ආරම්භ කෙරිණි.

විදෙස් පුවත්

5. ඉන්දියාවට ලබාදෙන GSP සහනය අවසන් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්: ලබන 05 වැනි දා සිට ඉන්දියාවට ලබාදෙන GSP හෙවත් වරණීය තීරු බදු සහනය අවසන් කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.