හෙට සිට ගාල්ල පුරා ඩෙංගු මර්දන වැඩසටහනක්

ගාල්ල දිස්ත්‍රික්කය පුරා හෙට සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

by Staff writer 02-06-2019 | 6:10 PM
COLOMBO (News 1st) : ගාල්ල දිස්ත්‍රික්කය පුරා හෙට සිට ලබන සෙනසුරාදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් , හෙට සිට එම ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මකයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 18,740කි.