ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා රිමාන්ඩ්

ඌරුබොක්කේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා රිමාන්ඩ්

by Staff writer 02-06-2019 | 7:39 AM

COLOMBO (News 1st) - ඌරුබොක්ක ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු මොරවක වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි. අදාළ නිලධාරියා ඌරුබොක්ක, බෙරලපනාතර ප්‍රාථමික විද්‍යාලයේ පැවති උත්සවයක ආරක්ෂාව සඳහා යොදවා සිටියදී සැකකරු ගිනි අවිය උදුරා ගැනීමට තැත්කර ඇත. 43 හැවිරිදි සැකකරු බෙරලපනාතර කැකුලන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.