අමෙරිකා Visa: සමාජ මාධ්‍ය වාර්තාවක් අනිවාර්යයි

අමෙරිකාවේ Visa ලබා ගන්න සමාජ මාධ්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්යයි

by Staff writer 02-06-2019 | 11:05 AM

COLOMBO (News 1st) - අමෙරිකානු වීසා අයැදුම් කිරීමේදී සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වසර 5 ක කාලසීමාවක් තුළ සමාජ මාධ්‍ය හරහා කළ සියලු ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවයි. ඒ අනුව සමාජ මාධ්‍යවල භාවිත කරන නාමය, අදාළ ගිණුම් සඳහා යොදා ගන්නා දුරකතන අංක මෙන්ම භාවිත කරන සමාජ මාධ්‍ය කාණ්ඩ පිළිබඳ සියලු තොරතුරු ඉදිරිපත් කළ යුතු වේ. ඊට, ඊමේල්, වට්ස්අප්, ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් ආදී සියලු සමාජ මාධ්‍ය ඇතුළත් වේ. අමෙරිකාවේ ශිෂ්‍ය සහ රැකියා වීසා අයැදුම්කරන පුද්ගලයින්ට මෙම නීතිය බලපැවැත්වෙනු ඇති. ඉන් වාර්ෂිකව පුද්ගලයින් මිලියන 14.7 කට බලපෑම් එල්ල වනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ආරක්ෂක හේතුන් පදනම් කරගනිමින් එම නව නීතිය සම්මත කරගත් බවයි. කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රික සහ නිල වීසා අයැදුම්කරුවන්ට එම නීතිය අදාළ නොවනු ඇත.