මාතරදී කාන්තාවක ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

මාතරදී කාන්තාවක ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 01-06-2019 | 4:11 PM
COLOMBO (News 1st) - මාතර නගරයේ නිවසකට පැමිණ රසායන ද්‍රව්‍යයක් මුදා හැරීමෙන් කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, සිද්ධියට සම්බන්ධ සැකකාරියක අත්අඩංගුවට ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව ය. සිද්ධියෙන් බරපතළ ලෙස රෝගාතූර වූ තවත් කාන්තාවක් මේ වන විටත් මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. දෙපිරිස අතර පැවති ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනය සඳහා සැකකරුවන් රන් බඩු නිපදවීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යයක් භාවිත කර ඇති බවට අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.