භෝග රැසක් ආනයනය කිරීම සීමා කෙරේ

භෝග රැසක් ආනයනය කිරීම සීමා කෙරේ

by Staff writer 01-06-2019 | 12:11 PM

COLOMBO (News 1st) - භෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ, විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතාගේ උපදෙස් පරිදීය. ඒ අනුව බඩ ඉරිඟු, කව්පි, මුංඇට, කුරක්කන්, තල, රටකජු, සෝයා බෝංචි හා බී ළුණු ඇතුළු ‍භෝග රැසක් මෙරටට ආනයනය කිරීම සීමා කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව් වීරකෝන් මහතා ප්‍රකාශ කළේ ය. එම භෝග ආනයනය සීමා කිරීම සඳහා එම භෝග ආනයනය මත බදු ඉහළ දැමීම හෝ බලපත්‍ර නිකුත් කිරීම සීමා කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.