බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂිත උපකරණ සවි කිරීමට අවධානය

බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂිත උපකරණ සවි කිරීමට අවධානය

by Staff writer 01-06-2019 | 3:37 PM
COLOMBO (News 1st) - බන්ධනාගාරවලට විශේෂ ආරක්ෂිත උපකරණ සවි කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, නීති විරෝධී ක්‍රියා මැඩලීම හා ආරක්ෂාව තහවුරු කිරීම මෙහි අරමුණ බව ය. ඒ අනුව බූස්ස, ගාල්ල, මැගසින්, දුම්බර, කළුතර ඇතුළු දරුණු ඝනයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාර 18ක් ආශ්‍රිතව එම ආරක්ෂිත උපකරණ සවි කරනු ඇති. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 480කි.