"විදේශ හමුදාවක් මෙරටට ගෙන්නන්න ඉඩ තියන්නේ නැහැ"

තනතුරේ සිටිනකම් කිසිම විදේශ හමුදාවක් මෙරටට ගෙන්නන්න ඉඩ තියන්නේ නැහැ - ජනපති

by Staff writer 01-06-2019 | 8:42 PM
COLOMBO (News 1st) - තමන් තනතුරේ සිටින තුරු කිසිදු විදේශ හමුදාවක් මෙරටට ගෙන්වීමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පොළොන්නරුව දිස්ත්‍රික් නව සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි. උත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ, පොළොන්නරුව රජරට නවෝදය ක්‍රීඩාංගණයේදී ය. මෙහිදී පුද්ගලයින් 9000ක් වෙනුවෙන් සමෘද්ධි හිමිකම්පත් ප්‍රදානය කෙරිණි.