ඉන්දියාවට ලබාදෙන GSP සහනය ඉවත් කිරීමට තීරණයක්

ඉන්දියාවට ලබාදෙන GSP සහනය අවසන් කිරීමට අමෙරිකාවෙන් තීරණයක්

by Staff writer 01-06-2019 | 12:54 PM

(News 1st) - ලබන 05 වැනි දා සිට ඉන්දියාවට ලබාදෙන GSP හෙවත් වරණීය තීරු බදු සහනය අවසන් කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඉන්දියාවට ලබාදෙන තීරු බදු සහනය ඉවත් කිරීමට තමා අදහස් කරන බව ජනපති ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී නිවේදනය කළේ ය. ජනපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉන්දියාව, අමෙරිකාවට සිය වෙළෙඳපොළ සඳහා ප්‍රවේශවීමට සමාන හා සාධාරණ අවස්ථාවක් ලබාදෙනු ඇතැයි තමාට හැඟී නොයන බවයි. අමෙරිකානු GSP බදු සහනය බුක්ති විඳින ලද විශාලතම රට ඉන්දියාව වන අතර මේ යටතේ ඩොලර් බිලියන 5.6 ක භාණ්ඩ තීරු බදු සහන යටතේ අමෙරිකාවට ආනයනය කෙරුණි. ඉන්දීය බලධාරීන් පවසන්නේ, GSP බදු සහනයෙන් ඉන්දියාවට නොලැබුනහොත් අමෙරිකානු භාණ්ඩ 20 ට අධික සංඛ්‍යාවක ආනයන බදු ඉහළ යනු ඇති බවයි. අමෙරිකානු කොංග්‍රසයේ සාමාජිකයින් 24 දෙනෙකු ට්‍රම්ප් පරිපාලනය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ ඉන්දියාවට තීරු බදු සහනය ලබාදීම නතර නොකරන ලෙසයි.