by Staff writer 01-06-2019 | 9:25 PM
COLOMBO (News 1st) - දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලොව ප්‍රධාන බල කඳවුරු දෙකක් නිර්මාණය විය.
ඒ, අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවයේ කඳවුර සහ රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුර ලෙසිනි.
එම බල කඳවුරු දෙකටම සම්බන්ධ නොවී මැද මාවතේ යා යුතු බවට ලෝකයේ මතයක් ඇති කිරීමට මුල් වූයේ එවක යුගොස්ලොවියාවේ නායකයා වූ මාෂල් ටිටෝ ය.
ඒ සමග බිහි වූ නොබැඳි සංකල්පය ලොව රටවල් රැසක ව්‍යාප්ත විය.
1960 වසරේ ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස පත් වූ ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණිය එම නොබැඳි ප්‍රතිපත්තිය අනුගමනය කරමින් රාජ්‍ය පාලනයේ නිරත වූ නායිකාවකි.
එවකට මෙරට පැවති නොබැඳි රාජ්‍ය ප්‍රතිපත්තිය ලොව සෙසු රටවල ද ඇගයීමට ලක්වූ අතර, 1976 වසරේ නොබැඳි ජාතීන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව පැවැත්වෙන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙස ය.