තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8ක් TIDයට ප්‍රකාශ දෙති

ඇප මත සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනෙක් TIDය හමුවේ ප්‍රකාශ දෙති

by Staff writer 01-06-2019 | 4:39 PM
COLOMBO (News 1st) - වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ දැනට ඇප මත සිටින සේවකයින් 8 දෙනෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශ ලබා දී තිබේ. ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය මස 27 වන දා ලබා දුන් නියෝගය අනුව ය. මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ, මැයි 28 සහ ජුනි පළමු වන දා අතර කාලය තුළ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස ය. මේ අතර වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන කරුපයියා රාජේන්ද්‍ර නොහොත් අබ්දුල්ලා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි. රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා අධිකරණය ලබා දුන් අවසරය මත පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සැකකරුගෙන් ප්‍රකාශ ගනු ලැබී ය.