ආහාර සඳහා වූ වර්ණ සංකේත ක්‍රමය අද සිට බලාත්මකයි

ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත්ව වර්ණ සංකේතවත් කිරීම අද සිට බලාත්මකයි

by Staff writer 01-06-2019 | 7:23 AM

COLOMBO (News 1st) - ඝන හා අර්ධ ඝන ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය ඇතුළත් වර්ණ සංකේතවත් කිරීමේ ක්‍රමය අද සිට බලාත්මක කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය මස 17 වැනි දා නිකුත් කළ බවයි. ඒ අනුව අදින් පසු නිෂ්පාදනය කරනු ලබන ඝන හා අර්ධ ඝන ආහාරවල වර්ණ සංකේතවත් කිරීම නිසි පරිදි සිදුකළ යුතුයි. කුඩා ළමුන් සහ වැඩිහිටියන් බෝ නොවන රෝගවලට ගොදුරුවීම වැලැක්වීමේ අරමුණින් සීනි, ලුණු සහ මේද පාලනය සඳහා මෙම වර්ණ සංකේත ක්‍රමය ක්‍රියත්මක අතර එමගින් අදාළ ආහාරවල අඩංගු සීනි, ලුණු හා මේද ප්‍රමාණයන් අනුව වර්ණයක් අදාළ ආහාරයේ ඇසුරුම් මත සඳහන් කළ යුතු වේ.