වර්ජිනියාවල වෙඩි තැබීමකින් 11 දෙනෙකු මරුට

අමෙරිකාවේ වර්ජිනියාහි වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මරුට

by Staff writer 01-06-2019 | 9:19 AM

News 1st - අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, වර්ජිනියා වෙරළ නගර සභා මධ්‍යස්ථානය තුළදී එහි සේවකයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි තැබීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් අතරට පොලිස් නිලධාරියෙකු ද අයත් වේ. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මියගොස් ඇති අතර ඔහු විසින්ම තමාට වෙඩි තබාගත්තා ද නැතහොත් පොලිස් වෙඩි පහරින් මිය ගියා ද යන්න මෙතෙක් නිෂ්චිතව හෙළිවී නොමැත. කෙසේවෙතත් ඇතැම් විදෙස් වාර්තා අනාවරණ කළේ, වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව ඔහු විසින්ම සියදිවි හානි කරගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.