රසායන ද්‍රව්‍ය තොගයක් සමග අයෙකු අත්අඩංගුවට

අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

by Staff writer 01-06-2019 | 10:16 AM

COLOMBO (News 1st) - මතුගම, මීගහතැන්න ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 බැගින් වූ බැරල් 8 ක් සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ රසායන ද්‍රව්‍ය සහිත බැරල් තොගය වැඩිදුර විමර්ශන සඳහා මීගහතැන්න පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.