රටවල් රැසක් මෙරටට පැන වූ සංචාරක තහනම ලිහිල් කෙරේ

තව ත් යුරෝපා රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ලිහිල් කරයි

by Staff writer 01-06-2019 | 12:49 PM

COLOMBO (News 1st) - තව ත් යුරෝපා රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පනවා තිබූ තහනම ලිහිල් කර තිබේ.

ඒ අතරට නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව ඇතුලත් ය. අප්‍රේල් 21 ප්‍රහායෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එම රටවල පුරවැසියන්ට සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කළහ. කෙසේ වෙතත් මේ වන විට මෙරට ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්වෙමින් ඇති බැවින් නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් එම සංචාරක අනතුරු ඇඟවීම් ලිහිල් කර තිබේ. ඒ අනුව මෙරට සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසට දැනුම් දෙමින් එම රටවල් සංචාරක උපදේශනයන් ලිහිල් කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් වේ.