ශ්‍රී ලංකා - පකිස්ථාන ගුවන් ගමන් යළි ආරම්භ කෙරේ

අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා - පකිස්ථාන ගුවන් ගමන් යළි ආරම්භ කෙරේ

by Staff writer 01-06-2019 | 4:20 PM
COLOMBO (News 1st) - මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද යළි ආරම්භ කෙරිණි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, ප්‍රථම ගුවන් යානය අද දහවල් 12.20ට කටුනායක සිට කරච්චි බලා පියාසර කළ බව ය. පකිස්ථානය හා කොළඹ අතර ගුවන් ගමන් අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසුවේ ය. පකිස්ථානය හා ඉන්දියාව අතර හට ගත් අර්බුදයත් සමග පකිස්ථාන රජය එරට ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් පසුගිය පෙබරවාරි 27 වන දා ගුවන් ගමන් අත්හිටු වීමට පියවර ගැනිණි.