කැලණිය සරසවියේ පීඨ 3 ක් යළි විවෘත කෙරේ

වසා දැමුණු කැලණිය සරසවියේ පීඨ 3 ක් ලබන සඳුදා යළි විවෘත කෙරේ

by Staff writer 31-05-2019 | 4:33 PM

COLOMBO (News 1st) - වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන සඳුදා (03) යළි විවෘත කෙරේ.

එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, පවතින ආරක්ෂක වැඩපිළිවෙළට අනුකූලව කටයුතු කිරීමට එම පීඨවල සිසුන් එකඟතාව පළ කිරීම හේතුවෙන් ඒවා යළි විවෘත කරන බවයි. ඒ අනුව විද්‍යා පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ පරිගණක සහ තාක්ෂණ පීඨය ලබන 03 වැනි දා යළි විවෘත කෙරෙනු ඇති. එම පීඨවල ඉගෙනුම ලබන නේවාසිකාගාර හිමි සිසුන් ලබන ඉරිදා ඒ සඳහා වාර්තා කළයුතු බව ද ඔහු සඳහන් කළේ ය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු පසුගිය 28 වැනි දා විවෘත කළ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ ඊයේ දිනයේ වසා දැමුණේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙනි.