ලොරියක් අඩි 200 ක ප්‍රපාතයකට පෙරළෙයි

මහඌව ප්‍රදේශයේදී ලොරියක් අඩි 200 ක ප්‍රපාතයකට පෙරළෙයි

by Staff writer 31-05-2019 | 5:23 PM

COLOMBO (News 1st) - වලපනේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී ලොරි රථයක් අඩි 200 ක ප්‍රපාතයකට පෙරළී තිබේ.

අද පෙරවරු 11.00 ට පමණ මෙම අනතුර සිදුවිය. වලපනේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මහඌව ප්‍රදේශයේ ඇති අවදානම් වංගුවකින් මෙලෙස ලොරි රථය පහතට පෙරළී ඇත. අනතුරට ලක් ව ඇත්තේ, හැටන් දෙස සිට රිකිල්ලගස්කඩ දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයකි. අනතුරින් බරතළ තුවාල ලැබූ රියැදුරු නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනු ඇති . මෙම ප්‍රදේශයේ මෙවැනි අනතුරු බහුලව සිදුවන අතර අප වාර්තාකරු සඳහන් කළේ, මෙම වසර තුළ පමණත් මෙම ස්ථානයේ අනතුරු 5 අධික ප්‍රමාණයක් සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.