by Staff writer 31-05-2019 | 10:01 PM
COLOMBO (News 1st) - අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් වග උත්තරකරුවන් කළ පෙත්සම් විභාග කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ පුර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ ඉල්ලීම කළේ, එම පෙත්සම් අද සිසිර ද ආබෲ, ගාමිණි අමරසේකර සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් සලකා බැලුවේය.
අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ, පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබියදීත් එය වැළැක්වීමට පියවර නොගැනීමට එරෙහිව, සාපරාධි නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම් ගොනු කර ඇත.
පෙත්සම් ගොනු කර ඇත්තේ, අප්‍රේල් 21 ප්‍රහාරයෙන් මිය ගිය අයගේ ඥාතින් ඇතුළු පිරිසකි.
නීතිපතිවරයාගේ ඉල්ලීම සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සම් අගවිනිසුරුවරයා වෙත යොමු කිරීමටත් යළි 06 වැනි දා කැඳවීමටත් නියෝග කළේ ය.