by Staff writer 31-05-2019 | 2:20 PM
ප්‍රවීණ රංගන ශිල්පීනි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට එම මහත්මියගේ වයස අවුරුදු 83 ක්.
1936 වසරේ දෙසැම්බර් 23 වැනිදා කොළඹ දී උපත ලැබූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය සිය රංග චාරිකාව අරඹන්නේ මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වන දිමුතුමුතු හරහායි.
පොඩිපුතා සිනමා පටයෙන් රිදී තිරය වර්ණවත් කරන ඇය කලියුගය, යුගාන්තය, ගැහැණු ළමයි ඇතුලු සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදුන්නා.
ගැහැණු ළමයි සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොදම සහාය නිලියට හිමි ජනාධිපති සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවාය.
චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ලාංකේය ප්‍රේක්ෂක හදවත් තුළ ලැගුම් ගත්තේ ආසියාවේ දිර්ඝතම ටෙලි නාට්‍ය වන කෝපි කඩේ , සොමිනෝනා චරිතයෙන්.