සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ණය යෝජනා ක්‍රමයක්

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ණය යෝජනා ක්‍රමයක්

by Staff writer 30-05-2019 | 6:22 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 වන දා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙරට බිඳ වැටුණු සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත කර්මාන්තකරුවන්ට සහන ලබාදීමට නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. මුදල් අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව සුළු පරිමාණයෙන් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයට ජුනි 10 වැනිදා සිට රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව පොලී රහිත සංචාරක පොඩ්ඩෝ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක බවයි. ඊට අමතරව පෞද්ගලික බස් හිමියන්ට, එළිමහන් සංගීත කණ්ඩායම්වලට මෙන්ම තොරණ නිර්මාණකරුවන් ද සහන ලබාදීමට පියගෙන ඇතැයි සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.