තලවකැලේ පේලි නිවාස 24 ක් ගිනි ගනී

තලවකැලේ ගින්නකින් පේලි නිවාස 24 කට හානි

by Staff writer 30-05-2019 | 6:52 AM

COLOMBO (News 1st) - තලවකැලේ, හොලිරූඩ් වතුයායේ පේලි නිවාස 24 ක් ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් සම්පුර්ණයෙන්ම විනාශවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඊයේ රාත්‍රි 9.00 ට පමණ ගින්න හට‍ගෙන ඇති බව ය. පොලීසිය සැක පළ කරන්නේ, ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බවයි. තලවකැලේ පොලීසිය, ත්‍රිවිධ හමුදාව, නුවරඑළිය නගර සභා ගිනි නිවන ඒකකය හා ගම්වාසීන් එක් ව මේ වන විට ගින්න පාලනය කර තිබේ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් පවුල් 24 හි අවතැන් වූ 71 දෙනෙකු හොලිරූඩ් දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ තලවකැලේ පොලීසිය විසින් අරඹා ඇත.