ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්

by Staff writer 30-05-2019 | 6:17 AM

දේශීය පුවත්

1. ඊ.ටී.අයි. නඩුව සැප්. 2 යළි කැඳවීමට තීරණය කෙරේ: ඊ.ටි.අයි. නඩුව සැප්තැම්බර් 02 වැනි දා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 2. අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මුදාහැරේ: මල්වාන, මල්වත්ත ප්‍රදේශයේදී උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් හසන් අලි මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මුදා හැර තිබේ. 3. කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පැමිණිලි සංඛ්‍යාව 200 ඉක්මවයි: සැකපිට අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය ෂේගු ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව මේ වන විට පැමිණිලි‍ 220 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහලේ බලධාරීහු පවසති. 4. ජනපති උපදෙස් මත පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමට අවසර: පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීම ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර තිබේ.

විදෙස් පුවත්

5. “අමෙරිකාව සමග යුද වැදීමට වුව ද සූදානම්” – ඉරානය ත් අනතුරු අඟවයි: අමෙරිකාව සමග යුද වැදීමට වුව ද සූදානම් බව ඉරානය පවසයි.