බෝම්බකරුවන් ලබාගත් දුරකථන ඇමතුම් ගැන විශ්ලේෂණයක්

අප්‍රේල් 21 ප්‍රහාරකයින් ඇමතුම් ලබා ගත් දුරකථන අංක 1800ක් ගැන CID විශ්ලේෂණයක්

by Staff writer 30-05-2019 | 3:45 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 වන දා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකථන අංක හා ඔවුන් ඇමතුම් ලබාගත් දුරකථන අංක 1800 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණයක් ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එම පරීක්ෂණවලට අදාළව ලැප්ටොප් 23 ක් ඩෙක්ස්ටොප් 3 , ජංගම දුරකථන 138 ,හාඩ් ඩිස්ක් 30 යි ,පෙන් ඩ්‍රයිව් 12 සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බවයි. ඊට අමතරව CD , DVD, DVR 67 ක් සහ සිම් කාඩ් 142 ක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්ලේෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.