මිලින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මානයකට නිර්දේශ වෙයි

මිලින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මානයකට නිර්දේශ වෙයි

by Staff writer 30-05-2019 | 9:14 PM
COLOMBO (News 1st) : කොළඹ මහ නගර සභා මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා එංගලන්තය කේන්ද්‍ර කරගෙන ලොව පුරා විහිදුණු One Young World ආයතනය පිරිනමන විශේෂ සම්මානයක් සඳහා නිර්දේශ වී තිබේ. මිලින්ද රාජපක්ෂ මහතා මෙලෙස නිර්දේශ වී ඇත්තේ, 2019 වසරේ ලොව හොඳම නැගී එන තරුණ දේශපාලනඥයා සම්මානයටයි. මහජන නියෝජිතයෙකු මෙන්ම, ලේඛකයෙකු ද වන රාජපක්ෂ මහතා, මේ වන විට ලොව නැගී එන හොඳම තරුණ දේශපාලනඥයින් 20 දෙනා අතරට තේරී පත්ව සිටී. ආසියාවෙන් එම සම්මානය සඳහා තෝරාගෙන තිබෙන්නේ ඔහු ඇතුළු තිදෙනෙකු පමණි. One Young World ආයතනය මෙම සම්මානය පිරිනමන්නේ, ලොව පුරා සිටින තරුණ දේශපාලනඥයින් සිය තනතුරු උපයෝගි කරගෙන යොවුන් පරපුර වෙනුවෙන් සිදුකරනු ලබන ධනාත්මක පරිවර්තන සැලකිල්ලට ගනිමිනි. මෙම සම්මාන ප්‍රදානය ලබන සැප්තැම්බර් මාසයේ ලන්ඩන් නුවරදී පැවැත්