කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමේ

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමේ

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමේ

කර්තෘ Staff writer

30 May, 2019 | 10:07 am

COLOMBO (News 1st) – රාගම වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලයේ සෙසු සියලු පීඨ නැවත දැනුම් දෙනතුරු වසා දමා තිබේ.

විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, 21 වැනි දා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසා දැමුණු විශ්වවිද්‍යාලය පෙරේදා විවෘත කිරීමත් සමග සිසුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවයි.

ඊට සිසුන් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් සියලු සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගත් බව ද ඔහු සඳහන් කළේ ය.

විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුව විශ්වවිද්‍යාලයේ ආපනශාලා ද ඇතුළුව සියලු ශාලා රාත්‍රී 9.00 ට වසා දැමීමට තීරණය කළ බවයි.

එහෙත් ඊට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමග මෙම තීරණය ගත් බව ද ඔහු පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]