අමිත් වීරසිංහ රක්ෂිත බන්ධනාගාරයට

මහසොන් බලකායේ නායක අමිත් වීරසිංහ රක්ෂිත බන්ධනාගාරයට

by Chathuranga Rajapaksha 29-05-2019 | 2:25 PM
COLOMBO (News 1st): මහසොන් බලකායේ නායක අමිත් ජීවන් වීරසිංහ මහතා ලබන 04 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ෂලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. මහේස්ත්‍රාත්වරිය විසින් ඊයේ කරන ලද නියෝගය අනුව මෙම සැකකරුට එරෙහිව මහජන ආරක්ෂණ පනත යටතේ සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන චෝදනා සනාථ කිරීම සඳහා මේ දක්වා ඉදිරිපත් වී ඇති සාක්ෂිවල සම්පින්ඩනය විමර්ශන නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. මහජන සාමය හා සංහිඳියාව කඩවන ආකාරයෙන් කටයුතු කිරිමේ චෝදනාව යටතේ කිරුළපන පොලීසිය අත්අඩංගුවට ගත් අමිත් ජීවන් වීරසිංහ මහතා සම්බන්ධයෙන් කොළඹ දකුණ දිසා දූෂණ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරනු ලැබේ.