නීතිඥවරියක් අත්අඩංගුවට

පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

by Staff writer 29-05-2019 | 10:08 AM
COLOMBO (News 1st): කොළඹ මහාධිකරණ සංකීර්ණයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අදාළ නීතිඥවරිය මහාධිකරණ සංකීර්ණයට ඇතුළුවීමේදී ඇය පරික්ෂා කළ පොලිස් කොස්තාපල්වරිය සීරීමකට ලක් කර ඇති බව ය. සීරීමෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරිය අද ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන්, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.