නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කෙරේ

නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාෂල් සුමංගල ඩයස් පත් කෙරේ

by Staff writer 29-05-2019 | 10:24 AM
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පෙරවරුවේ ඔහු සිය පත්වීම් ලිපිය ජනාධිපතිතුමා අතින් භාරගත් බව ය. සුමංගල ඩයස් මහතා 1984 වසරේ දෙසැම්බර් මස 13 වනදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන්නේ, කෙඩෙට් නිලධාරියෙකු ලෙස ය. ඔහු කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි. අඛණ්ඩව තුන්වන වරටත් ගුවන් හමුදාපති ධූරය සඳහා නාලන්දා විදුහලේ ආදි සිසුවෙක් පත් වීම ද විශේෂශත්වයකි. මේ අතර, හිටපු ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද දින විශ්‍රාම ගනු ලැබේ. ශ්‍රි ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ, ජනාධිපතිතුමා විසින් කපිල ජයම්පති මහතා ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි එයාර් චීෆ් මාෂල් නිලයට උසස් කර ඇති බව ය. https://www.youtube.com/watch?v=--fORtSKSRU