අලුතින් දිවුරුම් දුන් අමාත්‍යවරු මෙන්න

නව ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

by Staff writer 29-05-2019 | 11:55 AM
COLOMBO (News 1st): නව අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 1 - රංජිත් මද්දුම බණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය 2 - පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් අමාත්‍ය 3 - වසන්ත සේනනායක මහතා - විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය දිවුරුම් දීමේ අවස්ථාව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය.