by Staff writer 29-05-2019 | 8:09 PM
COLOMBO (News 1st) : සැකපිට අත්අඩංගුවට ගැනුණු වෛද්‍ය ෂේගු ෂිහාබ්ඩීන් මොහොමඩ් ෂාෆි පිළිබඳව මේ වන විට පැමිණිලි 220 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි කුරුණෑගල රෝහලේ බලධාරීහු පවසති.
වෛද්‍යවරයා සතුව කෝටි 40 කට අධික වත්කම් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහු සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය 24 වැනිදායි.
ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු මව්වරුන් රැසක් දඹුල්ල හා කුරුණෑගල රෝහල්වලට පැමිණිලි කළ අතර 81 දෙනෙකු අද කුරුණෑගල රෝහලටත්, 11 දෙනෙකු දඹුල්ල පොලීසියටත් පැමිණිලි කර ඇතැයි සඳහන් ය.
කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානය අද දහවල් රෝහල ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරත වුණේ සැකකාර වෛද්‍යවරයා හා සම්බන්ධ පරීක්ෂණවලට බාධා නොකරන ලෙස ඉල්ලමිනි.