මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අත්අඩංගුවට

උණ්ඩ 93ක් සමග මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට

by Staff writer 29-05-2019 | 1:21 PM
COLOMBO (News 1st): යුද හමුදාව සහ පොලීසිය අද උදෑසන එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී මල්වාන, මල්වත්ත ප්‍රදේශයේදී උණ්ඩ තොගයක් සමග මුදල් අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් හසන් අලි මහතා අත්අඩංගුවට ගෙන තිබේ. බෝර 12 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 93 ක් ඔහුගේ නිවසේ තිබී සොයා ගැණින. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හසන් අලි මහතාට අයත් යාබදව පිහිටි නිවාස දෙකේ වහලය සහ පියස්සක් අතර ස්ථානයක තිබී මෙම උණ්ඩ තොගය සොයාගත් බවයි. කෙසේ වෙතත් පතරොම් තිබූ ස්ථානය පිළිබදව ඔහුගේ දැනුම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ක්‍රියාත්මක කරන අතර නීතිපති උපදෙස් ලබාගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු හසන් අලි මහතා මුදා හැරීමට පියවර ගන්නා බවයි. https://www.youtube.com/watch?v=rZoMi0yvfs8