by Staff writer 29-05-2019 | 10:40 PM
COLOMBO (News 1st) : ඊ.ටි.අයි. නඩුව සැප්තැම්බර් 02 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
ඊ.ටි.අයි. සමාගමේ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ නිශ්චල, චංචල දේපළ තහනම් කර, එම සමාගමේ මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග කරන ලෙස ඉල්ලා නඩුව ගොනු කළේ ඊ.ටි.අයි. තැන්පත්කරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ස්වාධීන සංගමයයි.
ඊ.ටී.අයි සමාගම සහ අනුබද්ධ සමාගම්වල මුදල් ආයෝජනය කිරීමට නව ආයෝජකයෙකු ඉදිරිපත් වී ඇති බවට මහ බැංකු තොරතුරු වාර්තා අනුව අනාවරණය වී ඇති බැවින් මහ බැංකුව සමග එක්ව ඒ සම්බන්ධයෙන් කටයතු කිරීමට ඊ.ටී.අයි. සමාගම අපේක්ෂා කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා පෙන්වා දුන්නේ ය.
ඊ.ටි.අයි. සමාගම ප්‍රතිව්‍යුගත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග පැවැත්වූ එම සාකච්ඡාවල ප්‍රගතිය අධීකරණයට වාර්තා කිරිම සඳහා දින ලබාදෙන ලෙස ද ඉල්ලා සිටි ඔහු පෙන්වා දුන්නේ මෙම සාකච්ඡා සාර්ථක වුවහොත්, නඩුව සමතයකට පත් කර ගැනීමට හැකියාවක් ඇති බවයි.
එම කරුණු දැක්වීම සලකා බැලු විනිසුරු මඩුල්ල ඒ පිළිබඳව සැප්තැම්බර් 02 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස නියෝග කරමින්, නඩුව කල් තැබී ය.