"අමෙරිකාව සමග යුද වැදීමට වුව ද සූදානම්"

"අමෙරිකාව සමග යුද වැදීමට වුව ද සූදානම්" - ඉරානය ත් අනතුරු අඟවයි

by Staff writer 29-05-2019 | 4:35 PM
COLOMBO (News 1st) : අමෙරිකාව සමග යුද වැදීමට වුව ද, සූදානම් බව ඉරානය පවසයි. එහෙත් අමෙරිකාව සමග සාකච්ඡා ආරම්භ කිරීමට හැකි වෙතැයි අපේක්ෂාවෙන් පසුවන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරෝචි සඳහන් කළේ ය. ඔහු පැවසුවේ අමෙරිකාව, සිය රට යුද්ධයකට පොළඹවන බවයි. දිනෙන් දින ලොව අනෙක් රටවලට ද බලපෑම් කරමින් තම රටට එරෙහිව අමෙරිකාව ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව ද ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර අමෙරිකාවේ තහනම මධ්‍යයේ අඛණ්ඩව ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට අපේක්ෂා කරන බව ඉන්දියාව පවසයි. අමෙරිකාව, ඉන්දියාව ඇතුළු රටවල් 8 කට ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට ලබා දුන් සහන කාලය ඉකුත් මැයි 2 වනදා යින් අවසන් විය. අනතුරුව, ඉරානයෙන් බොර තෙල් ආනයනය නතර කිරීමට අදාළ රටවලට සිදුවිය. ඉරානයේ විශාලතම ඉන්ධන ගැණුම්කරුවා චීනය වන අතර එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවයි.