පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වෙයි

අප්‍රේල් 21 ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වෙයි

by Staff writer 29-05-2019 | 7:35 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 වන දා ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද රැස්විය. තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද රැස්වීමට සහභාගී නොවීම හේතුවෙන් සභාපති අසුනේ කටයුතු කළේ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතායි. රවී කරුණානායක, නලින්ද ජයතිස්ස රවුෆ් හකීම් ,ආශු මාරසිංහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරු රැස්වීමට සහභාගී වී සිටි අතර රාජිත සේනාරත්න සහ එම්. ඒ. සුමන්දිරන් යන මහත්වරු ඊට සහභාගී නොවූහ. විශේෂ කාරක සභා රැස්වීම මාධ්‍යයට විවෘත කර තිබූ අතර අද සාක්ෂි ලබා දුන්නේ ආරක්ෂක අමාත්‍යාශයේ ලේකම් ජෙනරල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් ය.