හොරපාරෙන් බීඩි කොළ ගෙනා පිරිස් ගැන තතු හෙළිවෙයි

හොර පාරෙන් බීඩි කොළ ගෙනා සැකකරුවන් ගැන තතු හෙළිවෙයි

by Staff writer 28-05-2019 | 1:35 PM
COLOMBO (News 1st) : නීතිවිරෝධීව බීඩිකොළ කිලෝග්‍රෑම් 11,000ක් මෙරටට ගෙන ආ සැකකරුවන් පිළිබඳ තොරතුරු අනාවරණවී ඇතැයි පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි. එම බීඩි කොළ තොගය මීට මාසයකට පෙර ඉන්දියාවේ සිට මෙරටට ගෙන විත් ඇති බවට ද, අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය ප්‍රකාශ කළේ, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායම් දෙකක් සහ රේගු නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි. කොළඹ ඉඟුරුකඩේ මංසන්දිය ආසන්නයේ රේගු අංගනයක තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 11416 ක් ඊයේ සවස සොයා ගැනිණ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව කළ මෙහෙයුමකදීයි. ටයර් නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය මුවාවෙන් මෙම බීඩි කොළ තොගය දිවයිනට ගෙන්වා ඇතැයි, පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.