by Staff writer 28-05-2019 | 1:24 PM
COLOMBO (News 1st) : පවතින වියළි කාලගුණය හමුවේ, විදුලි උත්පාදනය අභියෝගයක් වී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ, ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 15%ක් දක්වා පහත වැටී ඇති බවයි.
මෙම තත්ත්වය තුළ පවතින අභියෝගය දිනෙන් දින වර්ධනය වෙමින් ඇතැයි ද, ඔහු ප්‍රකාශ කළේ ය.
පවතින අභියෝගය හමුවේ, පසුගිය කාලය මෙන්, දෛනික විදුලි කප්පාදුවකට යළි මුහුණ දීමට ජනතාවට සිදුවෙයි ද...?
මේ සම්බන්ධයෙන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.