දුම්මලසූරියේ සෝදිසි මෙහෙයුමකින් 7දෙනෙක් අත්අඩංගුවට

දුම්මලසූරියේ සෝදිසි මෙහෙයුමකින් 7දෙනෙක් අත්අඩංගුවට

by Staff writer 28-05-2019 | 7:21 AM
COLOMBO (News1 st): යුද හමුදාව හා පොලීසිය එක්බද්ධව දුම්මලසූරිය යදම්වෙල ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පෙට්‍රල් බෝම්බ 08ක් , යතුරු පැදියක් හා රුපියල් 5 60,000 ක මුදලක් ද ඔවුන් සන්තකයේ තිබූ ආරක්ෂක අංශය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ අතර බේරුවල , මරදාන වරාය පාර ප්‍රදේශයේ හා මහගොඩ යන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකින් යුදහමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් තොගයක් සොයා ගෙන තිබේ. එහිදී පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි .