ගම්පහ බැංකු කොල්ලයට ආ සැකකරුවන් සොයා විමර්ශනක්

ගම්පහ බැංකු කොල්ලයට ආ සැකකරුවන් සොයා විමර්ශනක්

by Staff writer 28-05-2019 | 12:40 PM
COLOMBO (News 1st) : ගම්පහ, උඩුගම්පොල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් තිදෙනෙකු සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, අද පෙරවරු 9.00ට පමණ තියුණු ආයුධ රැගත් කොල්ලකරුවන් තිදෙනෙකු බැංකුව කොල්ලකෑම සඳහා පැමිණ ඇති බවයි. එහිදී බැංකුවේ ආරක්ෂක නිලධාරියා සිය ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම්වූ අවස්ථාවේ කොල්ලකරුවන් තිදෙනා යතුරු පැදියකින් පලාගොස් ඇතැයි පොලීසිය පැවසී ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.